මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග ජර්මනියේ සංචාරයට එක්වූ විදේශ ඇමැති මංගල සමරවීර බොන් නුවර ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගමට තරවටුවක් කළාලු.
ජනපති තුන්දින චාරිකාව හරියට සංවිධානය නොකළැයි දොස් කීවාලු. මේ චාරිකාව හරියට සංවිධානය නොකිරීම ඊට හේතුවලු. එක් අවස්ථාවක ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මාර්කෙල් ශ්‍රී ලංකා ජනපති සමග ගමන් කරද්දී ජනපති මාධ්‍ය කණ්ඩායමේ නිල ඡායාරූප ශිල්පියකු ඒ දෙන්නා ඉදිරියෙන් පැන්නාලු.
එම පුද්ගලයා ගේ ඒ ගමන වැළැක්වීමට මාර්කෙල් ජර්මන් චාන්ස්ලර්වරියට සිදුවුණාලු.

