බොලිවුඩයේ කිරුළු නොපළන් කුමරයා ලෙස අදටත් බොහෝ දෙනා හඳුන්වන අමීර් ඛාන්, ඔහුගේ අලුත්ම ‘දංගල්’ චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර්යේදී බොලිවුඩයට සමගාමීව ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතය. මෙය අමීර් ඛාන් 2014 වසරේ රඟපෑ ‘පීකේ’ චිත්‍රපටයෙන් පසුව රඟපාන පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයකි.
‘දංගල්’ චිත්‍රපටයේ අමීර් ඛාන් සමගින් දරුවන් සිවුදෙනෙකු චරිත නිරූපණය කරන අතර, ඉන් එක් චරිතයක් අමීර්ගේම දියණිය අයිරා පෙනී සිටීම කැපී පෙනෙන්නකි. අයිරා පසුගියදා අමීර් ඛාන් සමගින් එක්වු මාධ්‍යය හමුවකදී පවසා තිබුණේ තම පියාගේ චිත්‍රපටයක් තුළින්ම බොලිවුඩ් සිනමාවට පා තබන්නට ලැබීම තමාට සතුටු දනවන්නක් බවයි.
අමීර් ඛාන්, ඔහුගේ බිරිඳ කිරන් රාඕ සමගින් නිෂ්පාදනය කරනු ලැබු මෙම ‘දංගල්’ චිත්‍රපටය නිතේෂ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවකි.