අමීර් ගොඩක් කැමතියිලු


2016-11-21-ent-81

බොලිවුඩයේ ඔටුනු නොපළන් කුමරා ලෙස අදටත් බොහෝ දෙනා හඳුන්වන අමීර් ඛාන් සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට මේ දිනවල එක්වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන ‘දංගල්’ එළැඹෙන දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

මෑතකදී සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක යෙදී සිටියදී හමුවූ මාධ්‍ය පිරිසකට පවසා තිබුණේ, තමා රිතික් රෝෂන්ගේ ‘කාබිල්’ චිත්‍රපටය තිරගත වනතුරු මහත් නොඉවසිල්ලෙන් පසුවෙන බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමීර් පවසා තිබුණේ, පසුගියදා මෙහි ප්‍රචාරක පටය නිකුත් වීමත් හරහා තමාට මෙම චිත්‍රපටය නරඹන්නට දැඩි ආසාවක් මතු වූ බවයි.

එමෙන්ම තමා රිතික් රෝෂන්ගේ හොඳම සිනමා රංගනයද මෙම චිත්‍රපටයේද දකින බවත් අමීර් එහිදී පවසා තිබුණා.

 

2016-11-21-ent-82