මේ දිනවල රාම් ගෝපාල් වර්මාගේ "සාර්කාර්" තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන්ට මේ වසරේදී හොඳම සිනමා නළුවාට පිරිනමන සම්මානයක් ලැබෙනු ඇතැයි ප්‍රේක්ෂක මතයක් ගොඩනැගී තිබේ. අමිතාබ් බච්චන් මේ වසරේදී බේජෝයි නම්භියාර්ගේ "වසීර්" චිත්‍රපටයේද, ආර්.බල්කිගේ "කා ඇන්ඩ් කි" චිත්‍රපටයේද, රිබු දාස්ගුප්තාගේ "ටීන්" චිත්‍රපටයේද අනුරුද්ධ රෝයි චෞද්රිගේ "පින්ක්" චිත්‍රපටයේද රංගනයෙන් දායක විය.
මේ අතරින් "වසීර්" හා "පින්ක්" චිත්‍රපට අතිසාර්ථක වූ අතර, එම චිත්‍රපට අතිසාර්ථකවීමට අමිතාබ්ගේ රංගනයද ඉවහල් වූ බව බොහෝ විචාරකයන්ගේ මතය විය. එමෙන්ම එම චිත්‍රපටවල අමිතාබ්ගේ රංගනයද ඉතා ඉහළ මට්ටමක තිබුණ අතර, එය සම්මානයක් සඳහා නිර්දේශවන්නට තරම් ඉතා හොඳ රංගනයක් බව ඔවුන් වැඩිදුරටත් අදහස් පළ කොට තිබේ.