(අමිල චින්තක ගමගේ)
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ජනප්‍රිය ගී රැසක් සිංහල ගීත කලාවට එක් කළ ඇය රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ ගීත රැසක හිමිකාරියකි.
ඒ අතරින් සෙන්කඩ ගලපුර දළදා බුදු රැස්, ඔන්න බබෝ ඇතින්නියා. බැද්ද පුරා,රන්සඳ මඬලක් සේ ,සුගත තථාගත හිමියනි, රන්දොරින් එන්න ආදරේ, අනෝතත්තවිල නෙළුම නෙළාලා, ආදර චාරිකා,නිසල නිසසල අම්බිලියෝ, ඔන්න බබෝ, පින්න මල් පිපී ,හිරු කුමරුනි,මේ උදාර ලංකා භූමියයි කන්ද උඩින් හඳ පායන ලීලා එම ගීත වලින් කීපයකි.
ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට (25) පස්වරු 3.30 දක්වා කොළඹ ජයරත්න රෙස්පෙක්ට් හි තැන්පත් කර ඇති අතර ආදාහන කටයුතු හෙට (25) පස්වරු 5.00 ට බොරැල්ල සුසාන භූමියේ දී පැවැත්වීමට නියමිතය.