අමාවතුර රටට අමාව පතයි


ශ්‍රී ඝටීකාර මහ සෑ රදුන් පිහිටි මාලබේ පිට්ටුගල නව නුවර පාරේ අමාවතුර අසපුවේ ‘බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ‘ දී සර්ව රාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක්පැවැතිවිණ.

මහ පිරිත, දම්සක් සූත්‍රය, මහා සමය සූත්‍රය, ජය පිරිත, ධජග්ග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සහ ජිනපංජර ගාථා සජ්ඣායනා විය.
ලක්දිවටත්, සියලු රටවැසියන්ටත්, ස්වභාවික ආපදා ආදියෙන් අනතුරු සිදු නො වී වාසනාවන්ත යුගයක් බිහි වේවා යන අධිෂ්ඨානයෙන් යුක්ත ව පැවති පින්කමෙහි මුලසුන අඹන්පොල ඤාණවිජය හිමියෝ දැරූහ.

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ වැඩ වාසය කරන සංඝරත්නයේ සහභාගිත්වයෙන් සහ දහසකට අධික උපාසක උපාසිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම පිරිත් පිංකම සංවිධානය කර තිබිණි.

IMG_0001 IMG_0003 IMG_0013 IMG_0042 IMG_0043 IMG_0053 IMG_0112 IMG_0185

ඡායාරූප - මහාමේඝ පුවත් සඟරාව අනුග්‍රහයෙනි