අමාරුවේ නොවැටෙන්නැයි කුමාර් ගුණරත්නම්ට කියයි


වීසා කාලය ඉක්ම ගොස් තිබිය දීත් ලංකාවේ සැඟවී සිටින පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට සිදුවන බවත්, ඊට පෙර රටින් පිටවී නිසි ආකාරයට නැවත ලංකාවට ඒම හොඳ බවත් නීතිය හා සාමය ඇමැති ජෝන් අමරතුංග මහතා අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

‘කුමාර් ගුණරත්නම්ගේ ප්‍රශ්නය අපි පාලකතුමාට ඉදිරිපත් කළා. පරීක්ෂණයක් කර වාර්තාවක් දී තිබෙනවා. ඒ වාර්තාවේ හැටියට ඔවුන් කියා තිබෙනවා ගුණරත්නම් ඉල්ලන දේ කරන්න අමාරු බව. 

ගමන් බලපත්‍ර කිහිපයක් තිබුණාය කියා එහෙම ගැටළු තිබෙනවා. ඒවා නිරාකරණය කරගෙන ආවොත් මොනවා හරි කරන්න අපි ලෑස්තියි. ඔහුට එරෙහිව අපේ පෞද්ගලික අමනාපයක් නෑ. ‘