අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ විවාද නැතුව සම්මත කරයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය,කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ  පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල වැය ශීර්ෂ විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේදී අද දහවල් සම්මත කර ගැනිණ.

පාර්ලිමේන්තුව දහවල් 12.30ට අනිද්දා දක්වා කල් තැබීමට තීරණය කෙරුණු  හෙයින්  වැය ශීර්ෂ සම්බන්ධයෙන් විවාද නොපැවැත්විණ.

මේ වැය ශීර්ෂ විවාද අද රාත්‍රී 12.00 වනතුරු පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ.