අමාත්‍යංශ ලේකම්වරුන් හෙට අලුතින් පත්කරයි


අජන්ත කුමාර අගලකඩ

අමාත්‍යංශ ලේකම්වරුන් හෙට (21) දිනයේ අලුතින් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට අද (20) දැනුම් දී ඇත.

කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේ දී අද (20) පෙරවරුවේ රැස්වු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

නව කැබිනට්  මණ්ඩලය අමාත්‍යවරුන් 29 දෙනෙකුගෙන් සමන්විත වේ.

ඒ අනුව අද (20) දිවුරුම් දුන් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවලට අදාළ ලේකම්වරුන් හෙට (21) දිනයේ දී පත්කිරිමට නියමිතය.