අමාත්‍යංශ නියෝගයෙන් විදුහල්පතිවරු දෙලොවක් අතර


 (ශිරාන් රණසිංහ)

කුලියාපිටිය ප්‍රධාන පාසලක මේ දිනවල පවත්වන අධ්‍යාපන ප්‍රදර්ශනයකට පාසල් දරුවන් අනිවාර්යයෙන්ම සහභාගී කරවන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

පාසල් සංවර්ධන අරමුදලේ ඇති මුදල් ලබාගෙන එම මුදල් වලින් බස්වලට කුලී ගෙවා දරුවන්ව එම ප්‍රදර්ශනයට අනිවාර්යයෙන් සහභාගී කරවන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය කර ඇති දැනුම්දීම නිසා විදුහල්පතිවරු තීරණයක් ගත නොහැකිව සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

නයින්ටීන් ප්ලස් (19+) ලෙස මෙම ප්‍රදර්ශනය නම්කර ඇති අතර බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ‍, ඌව යන පළාත්වල පාසල් වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ව අනිවාර්යයෙන්ම මෙම ප්‍රදර්ශනයට සහභාගී කරවන ලෙස දැනුම් දී ඇතැයිද ස්ටාලින් මහතා කියා සිටී. 


මෙම ප්‍රදර්ශනය ඊයේ (03) ආරම්භ වූ අතර 07 වැනිදා නිමාවට පත්වේ.