අම්බලන්තොට නගර කිට්ටුවට අද (26) අලුයම සිට මීටර් 500 ක් පමණ ඈතින් වල් අලි දෙදෙනෙකු නගර වැසියෝ අලින් බැලිම සඳහා එම ස්ථානයට පැමිණිම අවදානමක් වී ඇති බව වනජිවි අඩවි සහකාර ඩබ්.එම්.ඒ.ගුණතුංග මහතා කීය.
වල් අලි නිජබිමක් වු රුහුණේ ඇතැම් පෙදෙස් සංවර්ධනය සඳහා යොදා ගැනීමත් සමඟ අලින් ඇතුළු වන සත්තු යන එන මං නැතිව සිටිති. හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය , මත්තල ගුවන් තොටුපළ ඒදා වල් අලි රාජධානියක් ඉදිකිරිමත් සමඟ අලි ඇත්තු වරාය අසල ද කුඩා වනරොදකට කොටු වී සිටිති.
අම්ලන්තොට ආ මේ අලි දෙදෙනා නිර්වින්දය කරන්නට නොහැකි බවත් ඔවුනට නිදහසේ යන්නට ඉඩ දිය යුතු බවත් වනජිවි නිලධරයෝ කියති.
ජායාරූප - සනත් ගමගේ
ජායාරූප - චන්ද්‍රසේන ගමගේ

![DSC04686[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC046861.png)
![DSC04695[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC046951.png)
![DSC04699[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC046991.png)
![DSC04701[1].png_img_8](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC047011.png_img_8.png)

