කොස්ගොඩ මහපැලෑනේදී ගල්තලාවක් මත නැඟ සිටි මව සහ අවුරුදු දෙකක් වයසැති දරුවකු මුහුදට වැටී ඇතැයි පොලිසිය කියයි. දරුවා අතුරුදහන්ව ඇති අතර මව බේරී ඇත. දරුවා සහ මව මුහුදට වැටෙද්දී පියා ද එහි සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
බිරිය හා දරුවා සමඟ ගල උඩ සිටි බව කියන පෙදෙරේරුවා (31) කොස්ගොඩ මහපැලෑනේ දී බස් රියකින් බසිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

