අම්මා දුන් රන් කිරි මතක් වේ


බිරිය සමග මවගේ ගෙදරට අවුරුදු ගමන් යද්දී පොලීසියේ වද හිංසාවට ලක්වී රෝහල් ගත කැරුණු අලුත්ගම දර්ගා නගරයේ විවාහකයෙක් බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට පැමිණිලි කළේය.

රබර් වත්තක් මැදින් යද්දී පොලු අතැතිව සිටි සිව් දෙනකු කසිප්පු තිප්පොල පෙන්වන්නැයි කියමින් තමාට පහර දුන් බවත්, සපත්තු ලේස් වලින් දෑත් පිටුපසට බැඳ ඒ අතරට පොල්ලක් දමා තමා ඔසවමින් වද හිංසා කළ බවත්, ඔවුන් සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටිය බවත්, තම බිරිය නොසිටියානම් තමාගේ ඉරණම කුමක් වේදැයි කිව නොහැකි බවත් දර්ගා නගරයේ ප්‍රණාන්දු ප්‍රියන්ත රණසිංහ මහතා සිය පැමිණිලිල්ලෙන් නියෝජ්‍ය පොලිස්පතිට කියයි.

මේ ගැන පැමිණිලි කිරීමට වැලිපැන්න පොලීසියට ගිය නමුත් එහිදී තමාට සාධාරණය ඉටු නොවූ බවත් ඔහු නියෝජ්‍ය පොලිස්පතිට කියා ඇත.