දෙමටගොඩ කහ ඉරේදී මවක හා දැරියකට මරු කැඳවූ කාරය පැදවූ පුතා ලබන 29 වැනිදා දක්වා හා ඔහුගේ මව ලබන 25 වැනිදා දක්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) රිමාන්ඩ් කරනු ලැබූහ.
සිද්ධියෙන් මිය ගිය මව හා දියණියගේ සිරුරු වෙනත් නිවසක තැනපත් කර ඇති අතර ඔවුන් අනතුරට පත්වූ ස්ථානය අඳුරු සහිත පෙදෙසක් බවත් එහි බොහෝ අනතුරු ප්‍රමාණයක් සිදුවූ බවත් අවට වැසියෝ කියති.







