මුදල් ආරවුලකින් ගුටි බැට හුවමාරු කර ගත් මවක (52) හා දියණියක (25) බණ්ඩාරගම පොලීසියේදී මුහුණට කෙළ ගසා ගත්හ.
ඔවුන් මෙසේ කළේ බණ්ඩාරගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ඩබ්ලිව් ඒ ආර් කරුණාරත්න මහතා සිගාලෝවාද සුත්‍රයේ ඇති අවවාද ඔවුන්ට විස්තර කර දුන් අවස්ථාවේදීය.
දෙමව්පියන්ගෙන් දරුවනටත් දරුවන්ගෙන් දෙමව්පියන්ටත් ඉටු විය යුතු යුතුකම් ගැන ඔහු දුන් අවවාදය ඔවුහු නොතැකුහ.
දෙදෙනාටම නඩු පවරන බව කී කරුණාරත්න මහතා ඔවුන් පොලිස් ඇප මත මුදා හළේය.