අම්බලන්ගොඩ මාළු වෙළද පොළේ මාළු ලෑලී රැසක්ම වසා ඇත.විකිණිමට මාළු නැතැයි වෙළෙන්දෝ කියති.දැල්ලා( රුපියල් 400 ) අලගොඩුවා (රුපියල් 450) බලයා (රුපියල් 800) සුළු ප්‍රමාණයක් දක්නට ලැබිණි.
තෝරුන්,කෙලවල්ලන්,සාලයන්,හුරුල්ලන්,ඉරටවල්ලන් වැනි මාළුන් අම්බලන්ගොඩ නැත.
වාරකන් කාලයේ මුහුද රළු වීම නිසා බොහෝ ධිවරයෝ මුහුදු නොයති.අගෝස්තු අවසන් වන තුරු වාරකන් කාලයයි.
අම්බලන්ගොඩ මාළු අලෙවි කළ කොළඹ ඇතුළු පෙදෙස් කිහිපයකද මාළු හිඟයක් පවති.

