අම්බලන්ගොඩ මහ අලියා රජයට?


වත්මන් රජය උපාධිධාරීන් 51000කට වැඩි පිරිසකට රජයේ රැකියා ලබා දී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (19) මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

ලබන සතියේ මහින්ද චින්තනයේ ‘තුන් කල් දැක්ම‘ එළි දක්වන බව ද ඔහු පැවසීය.

 අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට  සහාය දැක්වීමට ඉදිරිපත් වන බව ද මාධ්‍ය සාකච්ඡාවේ දී කියැවිණි.