අම්බලන්ගොඩ කුඩු නඩුවේ අටක් රිමාන්ඩ්


අම්බලන්ගොඩ, මාදම්පේ කිලෝ 20ක හෙරොයින් මත්කුඩු සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රධාන සැකකරු ඇතුළු 8 දෙනකු ලබන මාර්තු 4 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ්.පී.එම්. ලියාකාද් මහතා අද (19) නියෝග කළේය.

ප්‍රධාන සැකකරු කළුවින් සුමනසිරි , නන්නෙත්ති හර්ෂ නලින් කුමාර, කාරියවසම් ගමගේ ජගත් ප්‍රියශාන්ත, වටකවැලිපිටියගේ මහේෂ් සමන්ත කුමාර, කෝරළගේ මනෝජ් කුමාර, නන්නෙදිරිහෙට්ටිගේ චතුරංග, කළුවින් දීපසිරි සහ බැබිලවත්තගේ රංජිත් එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.

2_19_2015-7_55-AM_0001 2_19_2015-7_55-AM_0002 2_19_2015-7_55-AM_0003

ඡායාරූප - දේමුණි සම්පත්