අම්බලන්ගෙඩ කුඩු සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර


හෙරෝයින් කිලෝ 20 සමඟ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ  සිට අත්අඩංගුවට ගත් යැයි කියන ධීවරයා අද (31) බලපිටිය මහේසුත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී පොලිසියේ ඉල්ලීම පරිදි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලපිටිය අතිරේක මහේස්ත්‍රාත් ඉසෙඩ්.ටී.එම්. ලියාකාත් මහතා අවසර ලබා දුන්නේය. ලබන මස 06 වැනිදා නැවත සැකකරු අධිකරනයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

සැකකරු පොලිසියට කියා ඇත්තේ මුදුදේ පාවී ආ කොටයක තිබී මෙම පාර්සලය අහුලා ගත් බවයි.

1_31_2015-3_43-PM_0001 1_31_2015-3_43-PM_0002 1_31_2015-3_57-PM_0002 1_31_2015-3_57-PM_0004 1_31_2015-3_58-PM_0002