අම්බලංගොඩ මාල කල්ලිය අල්ලයි


අම්බලන්ගොඩ, හික්කඩුව, බන්දේගම, මීටියාගොඩ හා ඇල්පිටියේ පාසල් ගුරුවරියන්ගේ හා ඇඟළුම් සේවිකාවන්ගේ මාල කඩා ගත් කල්ලියක තිදෙනෙක් රන්මාල දහයක් සමග අත්අඩංගුවට ගත් බව අම්බලංගොඩ පොලීසිය කියයි.

යතුරුපැදියෙන් ගොස් කඩා ගත් ඇතැම් මාල බැංකුවලට උකස් කර ඇති බවත්, මාල විකුණා හෝ උණු කර ඇති බවත් පොලීසිය කියයි.

ඔවුන් ළඟ තිබී අත්බෝම්බයක් ද සොයාගෙන ඇත.