
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වාර්ෂාව නිසා වැව්වල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්මේන්තුව සදහන් කරයි.
වැසි තත්වය හමුවේ අම්පාර කොණ්ඩුවටුවාන වැව අගල් හයක් පමණ වාන් දැමිමට පටන් ගෙන තිබේ .
මේ හේතුව නිසා අම්පාර ඉගිනියාගල මාර්ගයේ ගමනා ගමන කටයුතු සදහා මද වශයෙන් බාධා ඇති වි තිබේ.
කොණ්ඩු වටුවාන ජලාශය අවට කුඹුරුද ජලයෙන් යටවි තිබේ.
මෙයට අමතරව වලගම වැව අඟල් හතරක් වාන් දමන අතර වීරගොඩ වැව අඩියක් වාන් දමමින් පවති.ෙ
මේ අතර අධික වර්ෂාව නිසා කල්මුනේ සමන්තුරේ යන ප්‍රදේශවල කුඹුරුද ජලයෙන් යටවි තිබේ.


