අම්පාරේ පීසීගේ බිරියට තුන්දරු උපතක්


අම්පාර මහඔය ටැම්පිටියේ ජේ.එම්.උමේෂා ප්‍රියදර්ශනී (27) මහත්මිය අම්පාර රෝහලේදී අද (17) තුන් නිවුන් දරුවන් බිහි කළාය.

ඇගේ සැමියා ඩී.ඩී.චමින්ද පොලිස් කොස්තාපල්වරයකි.

රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය තුසිත පාදෙනිය මහතා පැවසුයේ සීසෙරියන් සැත්කමිකින් උපන් දරුවන් සහ මව සනීපෙන් සිටින බවයි.

මේ දරු තිදෙනාගේ බර කිලෝග්‍රෑම් 1.7, 2.1 සහ 2.2 වේ.

1 6 8 9 11a