අම්පාරේ ධීවරයෝ ප්‍රා.ලේ කාර්යලය අසල විරෝධතාවයක්


වසන්ත චන්ද්‍රපාල

 

වැලි වලින් පිරි ඇති ඔලුවිල් වැලි අයින් කර ධීවරයින්ගේ ප්‍රයෝජනයට ලබාදෙන ලෙස ඉල්ලා අම්පාර දිස්ත්‍රික්කයේ ධීවරයින් අට්ඨාලචේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණි.

බෝට්ටු රැගෙන පැමිණි ධීවරයින් අක්කරපත්තුව කල්මුනේ මාර්ගය හරහා බෝට්ටු දමා හරස් කර විරෝධතාවය පැවැත් වු අතර මෙම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම නතර විය.

ඔලුවිල් වරායේ  වැලි පිරි ඇති නිසා දැනට ධීවර බෝට්ටු විශාල ප්‍රමාණයක් මුහුදේ නවත්වා ඇති අතර කඩිනමින් වැලි ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස ධීවරයින් රජයෙන් ඉල්ලා සිටියේය.

දැනට දින කිහිපයකට පෙර මෙම වරායේ වැලි ඉවත් කිරීම සඳහා නැවක් පැමිණි අතර ඔලුවිල් ගම්වැසියන් වැලි ඉවත් කිරිමට විරුද්ධ වු නිසා එය ආපසු ගිය බවද ධීවරයෝ පවසති.