අම්පාර ප්‍රදේශයට පසුගිය දින කිහිපයයේ ඇද හැළුණු වාර්ෂාවත් සමඟ කොන්ඩුවටුවාන් වැව අද උදේ වාන් දැමීමට පටන් ගත් බව අම්පාර වාරිමාර්ග කාර්යාලය පවසයි.
අම්පාර නගරයට පානිය ජලය සැපයෙන කොන්ඩුවටුවන් වැවෙන් පෝෂණය වෙන අම්පාර වැවැද මේ වනවිට පිටාර මට්ටමට ළාඟා වී ඇති බවත් අද රාත්‍රියේද වර්ෂාව පැවැතියහොත් එයද වාන් දමනු ඇති බවත් වාරිමාර්ග කාර්යාලයයේ ප්‍රකාශකයෙක් කීවේය.
ජායාරූපයෙන් දැක්වෙන්නේ අම්පාර කෙන්ඩුවටුවාන් වැවේ ජලය වාන් දමද්දි වානෙන් පිටට යන මාළුන් අල්ලා ගැනීමට උත්සහ කරන ප්‍රදේශවාසීන් පිරිසකි.




