අම්පාරේ ආහාර අජීර්ණයකින් 500 ක් ලෙඩවෙති


(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර, වානගමුව මුස්ලිම් ජුම්මා පල්ලියේ ඊයේ (5) දහවල් පැවැති දානයක කෑම අජීර්ණයක් වීමෙන් 500කට අධික පිරිසක් රෝහල්ගත කරනු ලැබ සිටිති. 
ඉරක්කාමම් රෝහලේ 80 ක් පමණ දෙනා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම රෝහලෙන් ප්‍රතිකාර ලැබූ පිරිස 200කට අධික බවත් රෝහල් ආරංචි කියයි. ඊට අමතරව අක්කරපත්තුව හා අම්පාර රෝහල්වලද තවත් බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.