අම්පාරට ගංවතුර


අම්පාරට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බවත් ගම්මාන කිහිපයකට ගං වතුර තත්ත්වයක් පවතින බවත් අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා පවසයි.

ගං වතුර හේතුවෙන් 299 දෙනකු අවතැන් වී සිටින බව ද ආපදා කළමනාකරණ ඒකකය පවසයි. ගං වතුර හේතුවෙන් ග්‍රාමීය මාර්ග රැසක් ද විනාශ වී තිබිණි.

අම්පාර වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන මහතා පවසන්නේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හයක් අඩි හතර බැගින් දැනට විවෘත කර ඇති බවයි.

Ampara Flood (1) Ampara Flood (2) Ampara Flood (3) Ampara Flood (6)