බිරිය ආගමට හරවා ගත්තැයි ක‍්‍රිස්තියානි ශුභාරංචි සේවයේ දේවගැතිවරයකු ඝාතනය කළ ග්‍රාමාරක්ෂකයකුට නැගෙනහිර පළාත් බද මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා මරණ දඬුවම නියම කළේය.
පූජකවරයාගේ බිරිය ශිරෝමී එදිරිසිංහ මහත්මියට තුවාල සිදුකිරීම හා මිනී මැරීමට තැත් කළැයි ඔහුට වසර දහයක බරපතළ වැඩ සහිත සිරදඩුවම්ද නියම විය.
රුපියල් 5000 ක දඩයක්ද නිමය කළ අතර නොගෙවන්නේනම් මාස 12 ක සිරදඩුවමක් නියම විය.
වසන්ත බුද්ධික තුෂාර නානායක්කාර නම් ග්‍රාමාරක්ෂකට මරණ දඩුවම නියම විය.
2008 වසරේ පෙබරවාරි මස 07 දින අම්පාර නිවසකදී සැම්සන් නීල් එදිරසිංහ (36) දේවගැතිවරයාගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටියේය.
චෝදනා ලබා සිටි ව්‍යාපාරිකයා ද විභාගය අතරතුරදී නඩුවෙන් නිදහස් විය.

