අමල් පෙරේරාගේ යාළුවාත් කට උත්තර දෙයි


කොස්ගොඩ සුදු කැස්බෑ සොරකම සම්බන්ධයෙන් මාල දිවයිනේ ක්‍රීඩා උපදේශකයෙකු වන සුපුන් විමල් පූජිත මහතා කොස්ගොඩ පොලිසියට පැමිණ අද කට උත්තරයක් දුන්නේය.

ඔහු එසේ කළේ ගායක අමල් පෙරේරා ඔහු සමග මෙම කැස්බෑවා මිළට ගැනීමට පැමිණි බව කලින් දිනයේ පොලිසියට  පැවසූ නිසාය.