මැයි 18 වැනිදාට යෙදෙන යුද ජයග්‍රහණ සැමරුම වත්මන් රජය ‘යුද්ධයේදී මියගිය විරු සමරුව‘ ලෙසින් නම් කර තිබීම කණගාටුවට කරුණක් බව සියලු ජාතික සංවිධාන එක්ව ආරම්භ කළ ‘දිනූ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය‘ අද (14) නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.
මෙම සැමරුම ත්‍රිවිධ හමුදාවට මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයටද සැමරිය හැකි බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.
ටී.එන්.ඒ. පළාත් සභා මන්ත්‍රී සිවාජ්ලිංගම් ප්‍රභාකරන් සැමරීමට මහා විරු සතියක් ආරම්භ කරන බවත් එයද මේ මස 18 වැනිදා වෙල්ලමුල්ලි වයික්කාල්හි ආරම්භ වන බවත් ඔහු කීවේය.
එම මහා විරු සතියට විරෝධය දක්වමින් දිනූ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු සංවිධාන එක්ව මැයි 18 වැනිදා නිදහස් චතුරශ්‍රයේදී යුද ජයග්‍රහණය සැමරීමට කටයුතු යොදා ඇතැයිද ඔවුහු කීහ.
මෙම මාධ්‍ය හමුවට බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක




