බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ යුතු වැඩ පිළිවෙළ ගැන මහින්ද රාජපක්ෂ ජනපති හමුවී සාකච්ඡා කිරීමට සියළු මහා නායක හිමිවරුන් පියවර ගත යුතු බව අමරපුර ධර්ම රක්ඛිත මහා නිකායේ මහා නායක තිරිකුණාමලේ ආනන්ද මා හිමියෝ පැවසුහ.
මහා නා හිමියන් එසේ කීවේ මහනුවර මල්වතු පාර්ශවයේ තිබ්බටුවාවේ සුමංගල මහා නා හිමියන් හා උඩුගම බුද්ධරක්ඛිත මහා නා හිමියන් හමුවීමට පැමිණි අවස්ථාවේදීය.මහා නා හිමියෝ දළදා සමිඳුන්ද වැඳ පුදා ගත්හ.

