අභාවප්‍රාප්ත අමරදේව ශූරීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ගෙවිය යුතු මුදල රජය විසින් ගෙවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ඒ ගැන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට උපදෙස් දී ඇතැයි ද, එම තීරණය සෞඛ්‍ය ඇමැතිවරයා අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාට සහ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාට දැනුම් දුන්නේයැයි ද එම අමාත්‍යංශය පවසයි.
අමරදේව මහතා අද පෙරවරුවේ ශල්‍යකර්මයකට බාජනය කර ඇතැයි ද, ඒ සඳහා අය විය යුතු මුදල සහ වෛද්‍ය ගාස්තුව රුපියල් හාර ලක්ෂ හැට නව දහසක් යැයි ද කියති. එම මුදල අමරදේව මහතාගේ පවුලේ උදවියගෙන් අය නොකරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් දී තිබේ.