අමරදේවගේ සිහින සතක් මැද විමන ගයන්ත හදන්න යයි


පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සිය 88 වැනි ජන්ම දිනය දා කළ ඉල්ලීමකට අනුව ඔහුගේ නමින් සංගීත අසපුවක් ගොඩනැගීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද දිනයේ අමරදේවයන් හමුවීමට ගොස් මෙහි ඉදිකිරීම් විය යුතු ආකාරය පිළිබ`ද සාකච්ඡා කළේය.

ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජන්ම දිනය දා එතුමාගේ සුව දුක් බැලීමට ගිය ජනමාධ්‍ය අමාත්‍යවරයගෙන් අමරදේවයන් ඉල්ලා තිබුණේ තමන්ගේ නමින් සංගීත ආශ‍්‍රමයක් ගොඩ නැගීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි.

මේ ස`දහා කොළඹ අවටින් ඉඩමක් සෙවීමේ කටයුතු සිදුකරන බව ඇමැතිවරයා එහිදී පැවසීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව, රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන යන මහත්වරු ද සහභාගී වූහ.

amarad22201512162 amarad22220151216w4w amarad22220151216www amarad222201512163w