පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීම සඳහා පාදුක්ක, බණ්ඩාරගම, හොරණ යන ප්‍රදේශ වලින් හදුනාගත් ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු අද (19) පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඒ සඳහා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා ද එක්විය.
අමරදේව මහත්මිය වන විමලා අමරදේව සහ පුත් රංජන අමරදේව හොරණ ඇල්ලකන්ද වත්ත අක්කර 08ක ඉඩම් කොටසක් සඳහා වැඩි කැමැත්තක් පළ කළහ.
ඉඩම පරීක්ෂාකිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ මෙම සත් කාර්යය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ පූර්ණ කැමැත්ත හා මගපෙන්වීම ලැබී ඇති බවත් ඉදිකිරීම් කටයුතු කඩිනමින් අරඹන බවත්ය.
අමරදේවයන්ගේ නමින් ඉදි කෙරෙන සංගීත අසපුව කලා නිකේතනයක් ලෙස සියලු අංගවලින් සමන්විතව ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි පූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙස ගොඩනැංවීමටද යෝජිතය.





