
(මනෝප‍්‍රිය ගුණසේකර සහ උපාලි රණවීර)
පොලොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත‍්‍රී අමරකීර්තීී අතුකෝරල මහතට සහ ආරක්‍ෂක නිලධාරි ජයන්ත ගුණවර්ධනට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනාට නඩුවේ තීන්දුව පෙබරවාරි මස 11 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව ගම්පහ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් පසු අද දින මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණි.
තීන්දුව සකස් කිරීම සඳහා ප‍්‍රමාණවත් කාලය අවශ්‍ය බව පෙන්වා දෙමින් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම පෙබරවාරි 11 වැනි දාට කල් තැබූහ.

