
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අමතර කොටස් ආනයනය කර එකලස් කර හා සොරා ගත් වාහන වල චැසි හා එන්ජින් අංක වෙනස් කර විකුණා තිබූ රුපියල් කෝටි 9 ආසන්න සුඛෝපභෝගී වාහන හයක් අද (19) සොයා ගැනීමට හැකි වූ බව පාණදුර කොට්ඨාස බුද්ධි ඒකකය කියයි
සුඛෝපභෝගී ජීප් රථ 5 සහ සුඛෝපභෝගී වෑන් රථයක් පොලිස් භාරයට ගෙන ඇත .
ඒ අතර එකම ලියාපදිංචිය අංකයට අයත් ජිප් රථ දෙකක් තිබූ බව පොලිසිය කියයි
ඉකුත් පෙබරවාරි මස 5 වැනි දින දින මෙම සංවිධානාත්මක කල්ලියේ පුද්ගලයන් පස් දෙනකු සමග රුපියල් කෝටි 5 අධික වටිනා ව්‍යාජ ලෙස සැකසූ වාහන 11 අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි .
එම වාහන ජාවාරම සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වීමේදී එම පුද්ගලයන් විසින් ඒ ආකාරයෙන් පානදුර , හොරණ හා ගාල්ල ප්‍රදේශ වලට විකුණා තිබූ එම සුඛෝපභෝගී වාහන සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි .

