අභියාචනාධිකරණයෙන් රේගු තීරණය ස්ථිර වෙයි


හෘද රෝග සහ පිළිකා ඇති කරවිය හැකි, මිනිස් පරිභෝජනයට නුසුදුසු පාම් තෙල් අඩංගු  බහාලූම් 24 ක් නිකුත් නොකර රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රේගුව ගත් තීරණය නිවරුදි යයි තීරණය කළ අභියාචනාධිකරණය එම බහාලූම් නිදහස් කරන ලෙස ඉල්ලා එම ආනයනකරු ගොනු කර තිබූ රිට් පෙත්සමක් ගාස්තුවට යටත් කොට නිෂ්ප‍්‍රභ කළේය.

එම බහාලූම් වල ‘‘ කෲඞ් පාම් ෆැට් ඇසිඞ් ’’ ඇති බවට ආනයනකරු ප‍්‍රකාශ කර තිබුණද ඒවායේ ආනයනික පාම්  තෙල් අඩංගු බවටද , ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු වන පරිදි අපමිශ‍්‍රණය කර ඇති බවට සාක්ෂි ඇති බැවින් ,එම බහාලූම් සම්බන්ධ රේගු විමර්ශන අත්හිටුවීමට අධිකරණය නියෝග නිකුත් කරන බවට සඳහන් කරමින් අභියාචනාධිකරණය පෙත්සම ඉවත දමන ලදී.