අභියාචන පෙත්සම සලකා බැලීම මාර්තු 3


පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩාරාජා රවිරාජ් ඝාතන නඩුවේ ජූරි සභා තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමට මීට පෙර ගත් තීරණය අද (24) ඉවත් කළ අභියාචනාධිකරණය එම පෙත්සම ලබන මාර්තු 03 වැනිදා සලකා බැලීමට තීන්දු කළේය.
ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රි නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීම සම්බන්ධයෙන් ගොනු කළ මෝසමක් සලකා බැලූ අභියාචනාධිකරණය මේ  බව තීරණය කළේය.
ඒ අනුව මෙම පෙත්සම අදාළ නඩු ගොනු ලේඛනයට ඇතුළත් කරන ලෙස නියම කෙරිණි. දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම මෝසම කැඳවිණි.