හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ගේ බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කරන ලද අභියාචන පෙත්සම යළි කැඳවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ අදාළ ලියකියවිලි ලබා ගැනීමෙන් පසු සිය අභියාචන පෙත්සම සලකා බලන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් මෙම මෝසමෙන් පෙන්වා දේ.
නමුත් එම ලියකියවිලි ලැබී නොතිබූ අවස්ථාවක ඉකුත් 19 වැනිදා සිය අභියාචන පෙත්සම කැඳවා නිෂ්ප‍්‍රභ කර ඇති බවත් ඒ ගැන සිය නීතීඥවරයා දැනුවත්ව නොසිටි බවද ශෂිකලා රවිරාජ් මහත්මිය සිය පෙත්සමින් කියා සිටී.

