හැට අටවන ජාතික නිදහස් උළෙල ගාලු මුවදොර පිටියේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් දේශපාලන හා රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (04) පෙරවරුවේ උත්සවශ්‍රීයෙන් ආරම්භ විය.
‘එකම දැයක් මහ බලයක්‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින උළෙල පැවැත්වේ.
රට පුරා රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ආයතන හා ස්ථාන වල නිදහස් දිනය වෙනුවෙන් සැමරීම් උත්සව සංවිධාය වී තිබිණි.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ලංකාවේ නිදහස් දින සැමරුමට සහභාගී වීමට නොකඩවා වසර 28 ක් මෙරටට පැමිණි 76 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක අද බෙන්තොටදී අපට මුණ ගැසිනි.
ජර්මනියේ අම්බර්ග් ගම්මානයේ පදිංචිකාරියක වන ඇය එලන් ගෝල් මහත්මියයි. ස්නායු රෝගයකට ලක්වීම නිසා වයස අවුරුදු 18 සිට දෙපා ආබාධිතව සිටින ඇයට වසර ගණනාවක් තිස්සේම ඇවිදීමට නොහැක. දැන් ඇය එහා මෙහා යන්නේ රෝද පුටුවක ආධාරයෙනි. ඇය ලංකාවට එන සෑම විටකම විශේෂයෙන් සැකසූ රෝද පුටුවක් රැගෙන එයි.
නොකඩවාම 1989 වසරේ සිට මේ දක්වා මෙලෙස ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙවරද ඇය මෙරට නිදහස් දින සැමරුමට සහභාගී වීම සඳහා ජනවාරි මස අග භාගයේදී ලංකාවට පැමිණ බෙන්තොට අවානි සංචාරක හෝටලයේ නතර වී සිටි. ඇය පැමිණි සෑම අවස්ථාවකදීම ලැඟුම් ගෙන ඇත්තේ මේ හෝටලයේ වීමද විශේෂත්වයකි. මෙම හෝටලයේදී සෑම වර්ෂයකදීම විදේශීය සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 4 වෙනි දින උත්කර්ෂවත් අන්දමින් නිදහස් දිනසැමරුම් උළෙලක් පැවැත්වෙයි. මෙවරද එම උළෙල එලන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.
ඌව පළාත් සභාව බදුල්ල දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාලය සහ ජාති ක තරුණ සේවා සභාව සංවිධානය කළ ඌව පළාත් ප්‍රධාන උත්සවය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදි
හික්කඩුව ප්‍රදේශයේද නිදහස් සැමරුම් සංවිධානය කර තිබිණි
මහනුවර දඅද නිදස් දින සැමරුම් සංවිධානය වී තිබිණී. එහිදී ශ්‍රි දළදා මාලිගාවේ මහමලුවේ ඇති මහාමාන්‍ය ඩි එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු විය.
කොළොන්නාව නගර සභාව සංවිධානය කළ නිදහස් උත්සවය කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ය.
අශ්ව කරත්තයකින් ඔහු උත්සව භූමියට පැමිණීම විශේෂ සිදුවීමක් විය.
පුත්තලම දිස්ත්‍රික් නිදහස් උත්සවය පුත්තලම නගර මධ්‍ය යේ පිහිටි රමණීය කලපු තීරයේදී අද උදෑසන පැවැත්විණී.
මිනුවන්ගොඩ ප්‍රදේශයේද ජාතික නිදහස් සැමරුම් උළෙලක් පැවැත්විණි.




















