අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇමෙරිකා ගගනගාමීන් රැඳී සිටින කුටියේ ඇමෝනියා වායු කාන්දුවක් තිබෙන බවට ලැබුණු සංඥාවක් හේතුවෙන් නාසා ආයතනය ප්‍රමුඛ අභ්‍යාවකාශ විද්‍යාඥයෝ අද දැඩි සේ කළබල වූහ. ඇමෙරිකා ගගනගාමීන් වහාම රුසියා ගගනගාමීන්ගේ කුටියට යැවීමට ද කටයුතු කැරිණි. නමුත් පසුව දැනගන්නට ලැබී ඇත්තේ එවැනි කාන්දුවක් නොවූ බවයි. එය තහවුරුකර ගැනිමෙන් පසු ඇමෙරිකා ගගනගාමීන් යළි ඔවුන්ගේ කුටියට ඇතුළු විය.

