කොළඹ නාරාහේන්පිට අභයාරාමාධිපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක හිමියන්ගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් සියක් නමක් වෙත දානය පිරිනැමීමේ පිංකමට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී විය.
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ සමාජීය හා ශාසනීය මෙහෙවර අගයමින් නාරාහේන්පිට සිට තිඹිරිගස්යාය දක්වා දිවෙන ප්‍රධාන මාවත මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාවත ලෙසද මීට කලින් නම් කැරිණි.

