අභයාරාමයට තව නඩුවක්


නාරාහේන්පිට අභයාරාමය දේශපාලන වෘත්තීය සමිති හා වාණිජ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම බුදු දහමේ ඉගැන්වීම්වලට පටහැනි යයි කියමින් කිරුළපන පූර්වාරාමාධිපති පද්බේරියේ විමලඥාන නා හිමියන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර දුන්නේය.

විමලඥාන හිමියන් පවසනුයේ අභයාරාමයේ විහාරාධිපති පදවියට තවත් නඩුවක් පවරන බවයි.

පෙබරවාරි 29 වැනිදාට මුල් නඩුව කල් තැබිණි.