නාරහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ දේශපාලන, මාධ්‍ය හා වෘත්තිය සමිති සාකච්ජා පැවැත්වීම සහ ගොඩනැගිල්ල බදුදීම වළකාලමින් ඉල්ලා එම විහාරස්ථානයේ විහාරාධිපති ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරිමට මැයි 04 වැනි දා තෙක් කල් දීමට කොළඹ දිසා අධිකරණය අද (29) තීන්දු කළේය.
නාරහේන්පිට අභයාරාම විහාරය දේශපාලන කටයුතු හා මාධ්‍ය හමු පැවැත්වීමට යොදා ගැනීමෙන් එම විහාරයේ විනය පිරිහිමක් හා බෞද්ධ ධර්මය අපකීර්තියට පත්වී ඇතැයි කියමින් කොළඹ 05 කිරුළපන ශ්‍රී පුර්වාරාම විහාරයේ විහාරාධීපති පත්බේරියේ විමලඥාන හිමි විසින් ගොනු කොට තිබු පැමිණිල්ල අද (29) කැඳවමින් කොළඹ දිසා විනිසුරු ටී.ඩී.ගුණසේකර මහතා මෙම නියෝගය නිකුත් කළේය.

