අනුරාධපුර අභය වැව හෙවත් බසවක්කුලම වැවේ මාළු ඇල්ලීම වහාම තහනම් කිරිමට අනුරාධපුර පුජා බාර කමිටුව තීරණය කළ බව අනුරාධපුර වැඩබලන දිසාපති හා මාතලේ මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා පැවසීය.
දිස්ත්‍රිත් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක දී මෙම තීරණය ගැන පැහැදිලි කළ දිසාපති රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථුපාරාමය, ශ්‍රී මහ බෝධිය ආසන්නයේ පිහිටි මෙම වැව මාළු අල්ලීමට සුදුසු කටයුත්තක් නොවන බව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමි ඇතුළු මහා සංඝරත්නය පැවසුහ.
අභය වැව ආශ්‍රිතව ධීවර කටයුතු ජිවනෝපාය කරගත් පිරිසට ධීවර කර්මාන්තයේ යෙදීමට විකල්ප ස්ථාන සොයා දෙන ලෙස අදාල ආයතන වලට දැන්වු බව කුමාරසිරි මහතා කීවේය.