අබුඩාබි පොසොන්


පොසොන්  උත්සවය නිමිත්තෙක්   අබුඩාබි තානාපති කාර්‍යාල පරිශ්‍රයේදී පින් කම්  රැසත් පැවැත්විණි.

එරට  විවිද රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ හයසීයකට අධික පිරිසක්  තානාපති කාර්‍යාල පරිශ්‍රයට පැමිණ මේ පින්කම් වලට සහභාගී වූහ.

 බත්, ඉදි ආප්ප සහ සිසිල් බීම දන්සැල්ද එහි විය.  වෙසක් කූඩු නිර්මාණද විය.

අඩුඩාබි තානාපති ආචාර්‍ය මහින්ද බාලසූරිය මහතා සහ තානාපති කාර්‍යාල විහාරස්ථ  දායක සභාව විසින් මෙය සංවිධානය කර තිබුණි.