එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකික කාන්තාවන්ගේ සංගමය විසින් සංවිධානය කළ දේශීය භාණ්ඩ වෙළඳ සල්පිලක් අබුඩාබි තානාපති කාර්යාල පරිශ‍්‍රයේදී පවත් වනු ලැබීය.
අනුරාධපුර ප‍්‍රදේශයේ පදිංචි කකුලක් අහිමි කාන්තාවකට කකුලක් බද්ධ කිරීමේ සමාජ සුබ සාධක කටයුත්තකට මින් ලැබෙන ආදායම යෙදවීමට බලාපොරොත්තු වන බව එම සංගමය පවසයි.
අබුඩාබි තානාපති කාර්යාලයයේ පළමු ලේකම් ඊ.ජී සමරවීර මහතා විසින් වෙළඳ සල්පිල විවෘත කරනු ලැබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආචාර්ය මහින්ද බාලසුරිය මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
කැවුම්,කොකිස්,කිරිබත් ඇතුළු දේශීය ආහාර පාන, දේශීය බතික් නිර්මාණ, දේශීය ඖෂධ හා වෙසක් ආසිරි පත් වලින් පිරී තිබූ මෙම වෙළඳ සල්පිලට ශ‍්‍රී ලාංකිකයෝ 300 කට අධික පිරිසක් සහභාගී වූහ.
සල්පිල අවසානනයේ ලොතරයි දිණුම් ඇදීමක් ද පැවති අතර එහිදී පළමු,දෙවන,තෙවන සහ සැනසිලි ත්‍යාග 7 ක් ප‍්‍රදානයකරනු ලැබීය.
මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආචාර්ය මහින්ද බාලසුරිය, පළමු ලේකම් ඊ.ජී සමරවීර, ශ‍්‍රී ලාංකික කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය පුෂ්පා ජයසූරිය, සම්බන්ධීකරණ නිලධාරිනී අශෝක ඉන්දුමතී මෙනවියද සහභාගී වූහ.