අබා චිත‍්‍රපටයට සම්මානය ලැබුණු දවස


 

දුලානි අනුරාධා කියන්නේ ලාංකේය කලා ක්ෂේත‍්‍රයේ තරුණ දායකත්වයෙන් නොමැකෙන සටහනක් තැබූ සොඳුරු රංගන ශිල්පිනියක්.
අබා චිත‍්‍රපටය ඔස්සේ රංගනයට එක්වූ ඇය මේ වන විට චරිතාංග නිළියක් ලෙසින් කලා ලෝකයේ බබලන තාරුකාවක් වී හමාරයි.
මෙවර ”ජීවිතේ මල්” විශේෂාංගය වෙන්වෙන්නේ ඇය වෙනුවෙන්.

 
m

   

1. මට අවුරුදු 10 වගේ වයසේදී මම ප‍්‍රාථමික අංශයේ ඉද්දි පාසලේ අවුරුදු උත්සවයක් තිබුණා. එහි තිබුණු විකට ඇඳුම් තරගයට ආච්චි මාව ඇන්දුවා පිස්සෙකුගෙ චරිතෙට. එහිදී ඇඳුම්වලින්, මූණෙ එක එක ඒවා ගාලා මාව වෙනස් කරපු විදියෙන් සහ මම රඟපාපු විදියෙන් එතන හිටපු චරිත අතරින් මාව ගොඩක් කැපිලා පෙනුණා. මම නොදැනුවත්වම ඒ චරිතය හරිම ආසාවෙන් කිසිම බයක්, ලැජ්ජාවක් නැතිව කළා. කොහොම හරි 3 වෙනි ස්ථානය කිව්වා.

2 වන ස්ථානයත් කිව්වා. ඒත් මම නෑ. ඉතින් මම හිතුවෙ මට චාන්ස් එකක් නැතිව ඇති කියලා. නමුත් ප‍්‍රථම ස්ථානයට මගේ නම කිව්වම මට මාර සතුටක් ඇති වුණා. පළමු අවස්ථාවෙන්ම රංගනයෙන් මාව ඒ වගේ ඇගයීමකට ලක්වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.

ae
එතනින් පස්සෙ ගොඩක් වෙලාවට මගේ පාසලේ හැමෝගෙම ආදරයට ලක්වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම හැම උත්සවයකදීම නර්තනයෙන් හා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා වගේම පාසලේ ජනප‍්‍රිය චරිතයක් බවට ද පත්වුණා. ඒ තමයි මගේ ජීවිතේ පළවෙනි මල පිපුන දවස.

 

 

2. ජීවිතේ දෙවැනි මල පිපෙන්නෙ මම උසස් පෙළ කරන කාලෙදි වගේ. ඒ මම පාසලේ නූර්ති නාට්‍යය තරගයක් සඳහා සම්බන්ධ වුණා. පාසලේදී මම නර්තනයේදී කැපී පෙනෙන චරිතයක් වුණත් රංගනය කරලා තියෙනවා ගොඩක් අඩුයි. නමුත් ටවර් හෝල් එකේදී අපි සමුද්‍ර දේවි නූර්ති නාට්‍යය ඉදිරිපත් කළා. එහිදී මම රඟපෑවා ජය බණ්ඩාර කියන පිරිමි කුමාරයෙක්ගෙ චරිතය. ඒ චරිතයත් මට අද වගේ මතකයි. ඒකෙන් අපේ නාට්‍යය 2 වන ස්ථානයට පත්වුණා. ඒ දවසත් හරිම සතුටු දවසක් වුණා මගේ ජීවිතේට.

 

 

3. එතනින් පස්සෙ මට උසස් පෙළින් පසුව විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබෙනවා. මගේ ජීවිතේ මම ගොඩක් ඉලක්ක එළඹගෙන ගිහින් නෑ. පොත්පත්වල ඇලී ගැලීගෙන ඉඳලත් නෑ. නමුත් අවශ්‍ය වෙලාවෙදි පන්තිවලට සහභාගි වෙලා හොඳට පාඩම් වැඩ ටික කළා. මම විශ්වවිදයාලයට තේරෙන්නෙ ප‍්‍රායෝගික පරීක්ෂණයකින්. එය මට විශේෂ අවස්ථාවක් වෙනවා සහ ගොඩක් සතුටු වෙන දෙයක් වෙනවා. මම බොහොම සරලව ඉඳලා මට මෙවැනි අවස්ථාවක් උදාවීම මගෙ ජීවිතේට ගොඩක් වටිනවා. එදා තමයි මගේ ජීවිතේ තුන්වෙනි මල පිපෙන්නෙ.

 


4. මගේ අම්මගෙ ලොකු ආසාවක් තිබුණා රූප රාජිනියන්ගේ තරගයකට මාව සහභාගි කරවන්න. ඒත් මගේ හිතේ ඒ ගැන ලොකු ආසාවක් තිබුණේ නෑ. ඒ වුණත් අම්මා බලහත්කාරයෙන් මගේ යාළුවොත් එක්ක එකතුවෙලා සිරස කුමරිය වැඩසටහනට මාව දාලා තිබුණා. මම අම්මගෙ ඉල්ලීම මත ඒ තරගයට සහභාගි වෙන්නෙ. ඒත් එතනදි මම ීඵී නැතිව ඉන් ඉවත් වෙනවා. නමුත් එතනින් එහාට අවසාන තරගයේදි අපිට ඉවෙන්ට් වගයක් තියෙනවා. ඒ ඉවෙන්ට්වල නර්තන අංශයෙන් කැපිලා පෙනෙන විදියට ගොඩක් අංගවලට මට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. එතනදි තමයි මම සිරස කුමරිය තරගය විඳින්නේ සහ මම ගොඩක් කැමැති වෙන්නෙ.

වගේම මම නොහිතපු විදියට අවසාන තරගයේදී පවත්වපු අංගවලින් බුද්ධිමත්ම සිරස කුමරියට හිිමි සම්මානය ලැබෙනවා. එය මට ලැබුණු ලොකු අවස්ථාවක්. ඒක මගේ ජීවිතේට ගොඩාක් වටිනවා.

 

dsc07721si58888

5. සිරස කුමරිය තරගයෙන් පසුව ඒ හරහා මාව අඳුනගන්නවා ප‍්‍රවීණ රංගන  ශිල්පී චිත‍්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි මහත්මයා. මට හිතාගන්නවත් බැරි මොහොතක තමයි ඔහු මාව තෝරාගන්නේ අබා චිත‍්‍රපටයට. ඒක විශේෂ අවස්ථාවක්. ඒ වගේ ඓතිහාසික සිනමා චිත‍්‍රපටයකට දායක වෙන්න ලැබීම සුවිශේෂ දෙයක්. එහිදීත් චිත‍්‍රපටයේ දිවෙන ප‍්‍රධානම ගැහැණු චරිතයට මට දායක වෙන්න ලැබීමත් ලොකු සතුටක්. ඉතින් මම ගොඩක් ආදරෙන්, ආසාවෙන් තමයි ඒ චරිතෙ කරන්නෙත්.


ජ්‍යෙෂ්ඨ නළු නිළියො රාශියකගේම සහභාගිත්වයෙන් කරපු චිත‍්‍රපටයක ප‍්‍රථමයෙන්ම රංගනයෙන් දායක වෙන්න ලැබීම ලොකු සතුටක්. ඒ දවසෙ මගේ ජීවිතේට මල් ගොඩක් පිපුනා වගේ තමයි දැනුනේ.

 

 

6. මට මතකයි අබා චිත‍්‍රපටයට මට සම්මාන ලැබෙනවා. මගේ ප‍්‍රථම රංගනය වෙනුවෙන් සරසවි සහ සිග්නිස් සම්මාන. එවකට ලංකාවේ පැවතුනේ සම්මාන උළෙලවල් දෙකයි. ඒ දෙකෙහිම මම හොඳම නිළිය ලෙසට සම්මානයට පාත‍්‍රවෙනවා. එය මගේ ජීවිතේ කවදාවත්ම අමතක නොවන දෙයක්.

 

 

7. අබා චිත‍්‍රපටයෙන් පසුව මගේ දෙවැනි චිත‍්‍රපටය වන ”විජය කුවේණි” චිත‍්‍රපටයට නැවතත් මට හොඳම රංගනයට හිමි සම්මානය ලැබෙනවා. සිග්නිස් සම්මාන උළෙලෙහි. ඉතින් ඒකත් මගේ ජීවිතේ සුවිශේෂම අවස්ථාවක් වෙනවා.

mm