අබ්දුල් කාදර්ගේ ඉල්ලීම ඉවතට


ශිරාණි බන්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දීම නිසා එක්සත් ජාතික පක්ෂය තමාට එරෙහිව සෙනසුරාදා (9) අරඹන්නට යන විනය පරීක්ෂණය නතර කිරීමේ නියෝගයක් කරන්නැයි නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතා කළ ඉල්ලීම කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා අද ඉවත දැමීය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරු ප්‍රධාන වගඋත්තර කරුවෝය.

ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුනට නොතීසි නිකුත් කරන ලෙස දිසා විනිසුරු නියෝග කළේය.