අපොස සා.පෙළ ජයකොඩි බඳිති


අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 270314 අතරින් කොළඹ විශාඛා විද්‍යාලයයේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි මුල්තැනට පැමිණ සිටින්නීය. මාතලේ විද්‍යා විද්‍යාලයයේ අනුෂ නිම්රොඩ් පෙරේරා දෙවැනි තැන ද මහනුවර ධර්මරාජ විදුහලේ භාරත මධුෂංක රන්කොත්ගේ හා රඹුක්කන පින්නවල එන්.ඒ.. දිල්මි සමාදිකා විමලරත්න තෙවැනි තැන ද හිමිකැරගෙන සිටිති. සිසුහු 164191 (සියයට 60.8) දෙනෙක් සමත්වූහ. සිසුහු 3909 දෙනෙක් විශිෂ්ට සාමාර්ථ ලදහ. සිසුහු 12795 දෙනෙක් අසමත්වූහ. කුලියාපිටිය මැදි විදුහලේ කේ.ඩබ්ලිව්.  දෙමින්ත කරුණාරත්න සහ මාතර සුජාතා විද්‍යාලයයේ  එච්.ජී. හිරුණි උදාරා පස්වැනි තැන ද, කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්. හිරුණි තාරුකා සම්පායො සහ මාතර සුජාතා විද්‍යාලයයේ පී.එම්. දිලිනි තාරක හත් වැනි ස්ථානය ද, ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පුෂ්පික චතුරංග දේශප්‍රිය නව වැනි තැන ද, කොළඹ දේවි බාලිකා විද්‍යාලයයේ එස්.ආර්.ජී. සුමුදු භාග්‍යා, කොළඹ විශාඛා විද්‍යාලයයේ ජනනි මධුෂා කළුපහන සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයයේ එන්. සඳලිකා විමලරත්න දහවැනි තැන ද හිමිකැර ගෙන සිටිති. කොළඹ විශාඛා විද්‍යාලයයේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි මාතලේ විද්‍යා විද්‍යාලයයේ අනූෂ නිම්රොඩ් පෙරේරා මහනුවර ධර්මරාජ විදුහලේ භාරත මධුෂංක පින්නවල මහා විදුහලේ එන්.ඒ.ජී. දිල්මි සමාදිකා විමලරත්න