සල් ගහේ පිපෙන මලේ පැහැයට සමාන පාටින් යුතු මාළුවා හඳුන්වන්නේ හල්මල් දණ්ඩියා යනුවෙනි. ඉතා අලංකාර මාළුවකු වන හල්මල් දණ්ඩියා ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි. එසේ වුව ද සුන්දරත්වය නිසා ම සුරතල් සතකු ලෙස අපනයනය කරයි.
මෙරට කීර්තිමත් විද්‍යාඥයකුවන ආචාර්ය පී.ඊ.පී.දැරණියගල මහතා 1930 දී මේ මාළුවා රොස්බොරා වටරිෆ්ලෝරිස් Rasbora vaterifloris ලෙස නම්කැර ඇත. මේ මාළුවන්ගේ ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ සැළකිල්ලට ගෙන Rasbora යන ඝන නාමය වෙනුවට Rasboroides නම් ඝන නාමය යටතේ සත්ත්ව විද්‍යාඥයන් විසින් මේ මත්ස්‍ය්‍යා 90 දශකයේ දී නැවත නම්කරන ලදී. මේ අනුව දැන් හල්මල් දණ්ඩියා හඳුන්වන්නේ Raboroides vaterifloris යන විද්‍යාත්මක නමිනි. දැරණියගල මහතා මෙරට මත්ස්‍යයන් සම්බන්ධයෙන් ලියා ප්‍රකායට පත්කරන ලද A Colored Atlas of Some Vertebrates from Ceylon - Volume One Fishes(1952) ග‍්‍රන්ථයේ මේ මත්ස්‍ය විශේෂය සිංහලෙන් හඳුන්වා ඇත්තේ හල්මල් තිත්තයා ලෙසිනි.
මේ මාළුවාගේ පිරිමි සතුන් වඩාත් දිප්තිමත්ය. ගැහැනු සතුන්ගේ දීප්තිය තරමක් අඩුය. සෙන්ටි මිටර තුනක් හෝ හතරක් පමණ විශාලව වැඩෙයි.
සාමාන්‍යෙයන් තරමක් පැතිලි මේ මසුන්ගේ මුඛය ඉහළට යොමුවි තිබෙයි. වැලි සහිත පතුලක් ඇති සෙමෙන් ගලා බස්නා ජලය බැසයන සෙවණ සහිත ජල මාර්ගවල රංචු වශයෙන් ජීවත් වෙති.
සුරතල් මත්ෂ්‍යයකු ලෙස පිටර යැවිමේ හේතුවෙන් අදවන විට බොහෝ දිය පහරවල මමේ වර්ගයේ මසුන් වඳවි යාමේ තර්ජනයට ලක්ව සිටියි.
විශේෂ ස්තූතිය - ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයට


